බෙන් ස්ටෝක්ස්ට අළු බඳුන තරගාවලිය අහිමි කළ වීදි සටන (වීඩියෝ)

බෙන් ස්ටෝක්ස්ට අළු බඳුන තරගාවලිය අහිමි කළ වීදි සටන (වීඩියෝ)
ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත අතර පැවැවෙන අළු බඳුන තරගාවලිය ලොව පැරණිතම වාර්ෂික ටෙස්ට් තරගාවලියයි. එයට එක් වරක් හෝ සහභාගි වීම දෙරටේම ක්‍රීඩකයන් සළකන්නේ තම ක්‍රීඩා දිවියේ ස්වර්ණමය මතක සටහනක් ලෙසයි.
 
අදාල ගැටුම හේතුවෙන් ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සහභාගි වන එංගලන්ත කණ්ඩායමෙන් ස්ටෝක්ස් ඉවත් කර ඇති අතර මෙම ගැටුමට සම්බන්ධ වූ ආරම්භක පිතිකරු ඇලෙස්ක් හේල්ස් ද සංචිතයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
 
අදාල ගැටුමේ CCTV දර්ශන එංගලන්ත මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති අතර මෙම පුවතට මේ වනවිට එංගලන්තය පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී ඇති අතර බෙන් ස්ටෝස්ක් බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.
 
කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින ස්ටෝක්ස් නොමැතිවීම එංගලන්ත කණ්ඩායමට දැඩි පාඩුවක් වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment