වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගින් දැඩි අසිරුතාවයක

DICKOYA

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (12) සිට සිව් දින වැඩවර්ජනයක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කර තිබේ.

ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලිය හෙට (12) යාපනය සහ තිස්සමහාරාමය යන දිස්ත්‍රික්ක වලින් ආරම්භ කිරිමට නියමිත අතර එය දින හතරක් පුරා ගමන් කර 15 වැනි දා කොළඹට ළඟාවීමට නියමිතය.

මේ අතර සයිටමි විශ්ව විද්‍යාලය වසා දැමිමට මෙතෙක් රජය කටයුතු නොකළ බව පවසමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ උපදෙස් මත නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සියලූම මුලික රෝහල් වල හා ප‍්‍රාදේශීය රෝහල් වල වෛද්‍යවරුන් හදිසියේ වැඩ වර්ජනය කිරිම හේතුවෙන් අද (12.09) එම රෝහල් වල සායන කටයුතු වලට පැමිණි රෝගින් දැඩි අසිරුතාවයකට පත්වි සිටිනවා.

වෛද්‍යවරුන් නොමැතිව එම සායන කටයුතු වලට පැමිණි වතුකරයේ රෝගින්ට රෝහල් කාර්්‍ය මණ්ඩලය මගින් වෛද්‍යවරයෙකුගේ පරික්‍ෂාවකින් තොරව සායන පොත් වල සදහන් පරිදි ඖෂධ නිකුත් කරන ආකාරයක් දක්නට ලැබුණා.

දික්ඔය මුලික රෝහලල වටවල ප‍්‍රාදේශීය රෝහල සහ ගිනිගත්හේන ප‍්‍රාදේශිය රෝහල අප කැමරා කාචයට මෙසේ සටහන් වුණා.

DICKOYA HO PI´LL (1) DICKOYA HO PI´LL (2) DICKOYA HO PI´LL (3) DICKOYA HO PI´LL (4) DICKOYA HO PI´LL (5) DICKOYA HO PI´LL (6) DICKOYA HO PI´LL (7) DICKOYA HO PI´LL (9) GINIGATHHENA HOSPITAL (2) GINIGATHHENA HOSPITAL (3) WATAWALA HOSPITAL (1) WATAWALA HOSPITAL (3)  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment