'වන අලි වැඩියි - විදෙස් රටකට විකුණන්න' - කරු පරණවිතාන.


මෙරට භූමි ප්‍රමාණය අනුව සිටිය යුත්තේ වන අලි 4000ක් පමණක් වන අතර, දැනට වනඅලි 6000ක් සිටින බවත්, වැඩිවන අලින් විදෙස් රටකට විකිණීම හෝ වෙනත් ක්‍රමයකින් පාලනය කළ යුතු බවත් නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (04දා) පැවැති බලන්ගොඩ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

ඌරන්, වඳුරන් හා රිලවුන් වැනි සතුන්ද අසීමිතව වැඩිවී ඇති බවත්, දුලබ සතුන් ආරක්ෂා කිරීම හා සුලබ සතුන් පාලනය කිරීම සිදුකළ යුත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

ඌරන් මරා දැමීමට නීතියෙන් අවසර තිබුණද, ඌරුමස් විකිණීම තහනම් බවත්, මෙය එකිනෙකට පරස්පර නීතියක් බවත්  හෙතෙම පැවසීය.

මේ අවස්ථාවට සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය, කමිටු සමසභාපති භාණු මුණිප්‍රිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment