එමෙන්ම මේ ආණ්ඩුව හොරුන්ට විරුද්ධව සටන් කර බන්ධනාගාරය වෙත එවීමට කටයුතු කරමින් සිටින මොහොතක බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු හොරුන්ට චයිනිස් කවන්න සුදානම් කර ඇති බව රාමනායක මහතා පෙන්වාදුන්නේය. සෙසු සිරකරුවන්ට කන්න බෝන්න හෝ බෙහෙත් නොදෙන තත්ත්වයක ලලිත් වීරතුංග අනූෂ පැල්පිට වැන්නන්ට ලොකු හෝටල් වලින් කෑම ලබා දෙන බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙය ලෝකයම මුලාවේ දැමීමක් බවයි.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් පළකළේය. ඔහු සඳහන් කළේ එම ඝාතනයන්ට සාධාරණය ඉටුවිය යුතු බවයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment