Facebook, Amazon, Twitter, Yahoo, Discovery පරදා ඉන්දියාවේ Star, IPL ජයගනී.


2018 – 2022 තරග සමය සඳහා වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය හිමිකර ගැනීමට ඉන්දියාවේ Star සමාගම අද (04) දින සමත්විය. මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.55 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 16,347.5 ක් Star විසින් ඉදිරිපත් කර තිබිණි.

2009 වසරේ දී මෙම IPL විකාශන අයිතිය Sony සමාගම විසින් හිමිකර ගෙන තිබුණු අතර වසර 10 ක ගිවිසුම් කාලය මෙම වසරේ දී අවසන් විය. එහිදී රූපවාහිනි විකාශන අයිතිය ඔවුන් ලබා ගෙන තිබෙුණේ ඩොලර් බිලියන 1.63 ක මිලකට ය.
2015 – 17 දක්වා කාලය තුළ IPL ඩිජිටල් විකාශන අයිතිය Star India සතුව පැවති අතර එහිදී වසර 3 ක කාලයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 303 ක් ගෙව තිබිණි.

රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය හරහා සිදුකෙරෙන IPL විකාශන කටයුතුවලට අදාළව මෙම වෙන්දේසිය සඳහා ලොව ඩිජිටල් මාධ්‍ය දැවැන්තයින් වන Facebook, Amazon, Twitter, Yahoo ඇතුළු සමාගම් ගණනාවක් ඉදිරිපත් වී සිටියහ.

පහත දැක්වෙන්නේ මෙවර IPL මාධ්‍ය වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ සමාගම් ලේඛනයයි.

Followon Interactive Media

Taj TV India

Star India

Sony Pictures Networks

Times Internet

Supersport International

Reliance Jio Digital Services

Gulf DTH

GroupM Media India

BeIN IP

Econet Media

Sky UK

BTG Legal Services

BT PLC

Amazon

Facebook

Twitter

ESPN Digital Media

Discovery

Airtel

BAM Tech

Yupp TV

DAZN/ Perform Group

Yahoo

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment