පොලිස්පතිගේ සිට PC දක්වා නිල ඇඳුමට එකම රෙදි.


පොලිස්පතිවරයාගේ සිට පොලිස් කොස්තාපල්වරයා දක්වා සියලුම දෙනාගේ නිල ඇඳුම් එකම රෙදි වර්ගයකින් නිර්මාණය විය යුතු බවට විෂයය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

මේ අනුව සපත්තු, නිල ඇඳුම, හිස් වැසුම පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

නිලඇඳුමට රෙදි තනතුරු අනුව භාවිත කිරීම නිසා ඇතිව තිබෙන විෂමතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

මීට අමතරව කොස්තාපල්වරුන් හා සැරයන්වරුන් භාවිත කරන හිස්වැසුම හා සපත්තු අධික බරකින් යුක්ත වීම හේතුවෙන් සැහැල්ලු සපත්තු හා හිස්වැසුම් ලබාදෙන ලෙසටද බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment