මෙහිදී කළුතර මහ රෝහල, බේරුවල මුලික රෝහල, අලුත්ගම, දර්ගා නගරය, හොරණ, බණ්ඩාරගම, පිඹුර, මීගහතැන්න, බදුරලිය, ඉංගිරිය, කටුගහහේන, මෝල්කාව යන රෝහල්වල සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි. කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා කොන්ත්‍රාත් සමාගම්වලට මෙහිදී දැනුම් දුන්නේය.
කළුතර මහ රෝහලේ ඉදිකෙරෙන රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ලබන මස 23 දින විවෘත කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට දැනුම් දෙන ලදි. දිවයින පුරා පිහිටි වතු රෝහල් 480 ක් වතු සමාගම්වලින් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මේ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වතු රෝහල් 13 ක් ද රජයට පවරා ගැනීමට නියමිතය. වතු රෝහල් 480 රජයට පවරා ගැනීමෙන් පසු සංවර්ධනය කළ යුතු රෝහල් හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් අනෙකුත් රෝහල් වෙනත් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සදහා භාවිත කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. වතු රෝහල් සංවර්ධනය කිරීම තුලින් මහ රෝහල්, ශික්ෂණ රෝහල්, මුලික රෝහල් සහ ප්‍රාදේශීය රෝහල්වල පවතින තදබදය අවම කර ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
0 comments :
Post a Comment