මයිනුන් හා මිනිසුන් !

මයිනුන් හා මිනිසුන් !
මා දුටුවා ගමන්, උන් දෙන්නම ඉගිලිලා ගියා. හැබැයි තටු ගහන සද්දේ හා කලබලකාරී ගතිය එහෙමමයි. දුටුවේ නැතත්, මොකෙක් හරි කුරුල්ලෙකු වහලේ තියන පීල්ලක  සිරවී හෝ නැත්නම් කපුටන් කෙටීමෙන් අඩපණව මැරෙන්න දඟලනවා ඇතැයි  මා සිතුවා.
 
පුතාට කන්න හදන එක පැත්තක තිබ්බ මා, ඉණිමග  දිගහැර වහලෙට නැග්ගේ, සතෙකුට නිකම් මැරිලා යන්න දෙන්න බැරි නිසා. මා සිතුව පරිදිම, පිල්ලක උඩබැලි අතට, තටු ගහමින් සිටියේ මයිනෙක්. මූ  කෑමක් සොයන්න පීල්ලට බැස්ස වෙලේ කෙසේ හෝ සිරවෙන්න ඇති.
 
උගේ තටු, පිල්ලේ එකතුවූ දූවිලි  හා රෑ  පින්න හා එක්ව හැදුනු, මඩ වලට එක්ව පීල්ලට ඇලිලා. දඟලන විට තවත් වැඩේ වකුර් වනවා මිස ගැලවීමක් නැහැ. සමහර විට, මව්පියන්ගෙන් ලඟදි වෙන්වුන යෞවනයෙක් වන්නත් හැකියි. අර කෑ  ගහමින් උඩ  පැන්නේ  මව්-පියන් වෙන්නත් ඇති.
 
කොහොම නමුත්, මයිනව අල්ලන් සෝදලා, ටිෂුයු කොළ වලින් තෙත මාත්තු කර පඳුරක තිබ්බහම ඉගිලිලා ගියේ ‘මිටින් අත ඇරිය කුරුල්ලෙකු’ ඉගිලිලා යනවා වගේමයි. මට මූව බේරා ඇරීම මහා ලොකු දෙයක් වුනේ නැහැ. නමුත් අර කෑ  ගහපු මයිනන් දෙදෙනාට නම්  මූට බේරීමට උදව් කිරීම සිහිනයක් පමණයි.
 
එදා හවස ප්‍රවුර්ති අහන විට කියවුන එක පුවතක් වුනේ, තමන්ගේම දරුවා වද  දී මරා දැමීම ගැන වරදකරු බවට ඔප්පු වුන, මවක් හා ඇගේ දෙවන සහකරු, එනම් දරුවාගේ සුළු පියා යන දෙදෙනාම වසර 30කට වගේ සිරේට නියම කරපු එක. දරුවා මර දැමීමට හේතුව වෙලා තිබුණේ, ඔහුගේ රුව, පියාට, එනම් අර අම්මගේ කලින් සහකරුට හුඟක් සමීප වීම නිසයි.
 
එම දරුවාට, දීලා තිබුණු වද  ගැන යම් විස්තරයක් මා පසුව වෙබ් ප්‍රවුර්තියක දුටුවා. දින 51ක් තිස්සේ දීලා තිබුණු වද වලින් කියල තිබුණු ටික භයංකරයි. රූපවාහිනියේ ප්‍රවුර්තියේ ඒ ගැන කියුව, නඩුව ගොනු කරපු කණ්ඩායමේ පොලිස් නිලධාරියා කියුවේ, එයා ගවේෂණය කරපු කේස්  වලින් දරා  ගන්න බැරිම එකක් තමා මේක කියා.
 
සිද්දිය මුලින්ම බලන්න ගිය වෛද්‍ය නිලධාරියා තව දුරටත් තමන්ගේ වෘත්තියේ නැති බවත්, ගවේෂණයට සහභාගී වුන පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ම, සේවයෙන් ඉවත්ව ගොස් ඇති වගත් එයාම කියුව.
 
මිනිස් සමාජයේ, සමහර විට සතුන් පවා නොපෙන්වන, අප තිරිසන් ගති යයි කියන මිනිසුන් ඉන්නේ මොකෝ, ඔවුන්ගේ හැසිරීමට හේතුවන කරුණු මොනවාද යන්න ගැන ඕනේ තරම් කරුණු ලියවී තියනවා. මා කියපු ප්‍රවුර්තියේත් අපේ වැඩිපුරම අවධානය යොමු වන්නේ, අපරාධය කරපු දෙදෙනා ගැනයි.
 
හැබැයි අප වැඩිය අවධානය යොමු නොකරන,  අර සේවය හැර ගිය මිනිසුන් තුන්දෙනාත් අපට කතාවක් කියනවා.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment