'නාමල් විකිණීමයි - බදුදීමයි දන්නේ නෑ' - කිරිඇල්ල.


විකිණීම හා බදුදීම කියන්නේ කුමක්ද කියා නොදන්නා නාමල් ඇතුළු ඒකාබද්ධයේ පිරිස අනවශ්‍යය කලබල රටේ ඇතිකර ආයෝජකයින් මෙරටට ඒම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බව උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය රජය සමයේ ෆෝට් සිටිය චීනයට සින්නකර ලබාදී තිබූ බවත් වත්මන් රජය බලයට පැමිණ එය ආපසු ලබාගත් බව මේ උද්ඝෝෂණ සිදුකරන අයට අමතක බවත් ඒ මහතා කීය.

මහනුවර පැවැති මාධ්‍යය හමුවකදී ඇමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.

හම්බන්තොට මාගම්පුර වරාය හා මත්තල ගුවන් ‍තොටුපොළ දීර්ඝ කාලින බදු පදනම යටතේ ලබාදෙන බවත් ඒවා සින්නක්කර අයිතියට විදේශ රටවලට විකිණීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

රටට එන ආයෝජන නැති කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය දියත් කරන කුමන්ත්‍රණයට ඇතැම් මාධ්‍යයද සහයෝගය ලබා දෙමින් සිටින බවත් ඇමැතිවරයා කීය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු ලබාදී තිබෙන්නේ කැබිනට් පත්‍රිකාවකට අනුව බවත් කොන්ත්‍රාත්තු සඳහා ලංසු ඉදිරිපත් කර ඒවා හිමි නොවුණු පිරිස් මාධ්‍යය ආයතන අල්ලා ගෙන තමන්ට හා ආණ්ඩුවට මඩ ගසන බවත් කිරිඇල්ල මහතා කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment