පොල් හිඟයට විසඳුමක් ලෙස උතුරේ පාසැල් සිසුන්ට පොල් පැළ

පොල් හිඟයට විසඳුමක් ලෙස උතුරේ පාසැල් සිසුන්ට පොල් පැළ

 

ඉතා උසස් තත්ත්වයේ පොල් පැළ සිසු සිසුවියන් වෙත බෙදා දෙන අතර ඔවුන්ගේ දෙමව්පියන් ද දැනුවත් කරමින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරේ. පොල් පැළ ලබා දෙන සෑම සිසුවෙකුටම පොල් සංවර්ධන මණ්ඩලයේ පොල් වගා සහනාධාරය මෙන්ම උපදෙස් ද ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම වැඩ සටහනේ පළමු අදියර වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේදී පරිවෙණාධිපති කුරුදුගොඩ පඤ්ඤාසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එම අවස්ථාවට පිරිවෙණේ කෘෂිකර්ම විෂය භාර ආචාර්ය ප්‍රියන්ත ශ්‍රී විජේසිංහ මහතා හා සිසුන් ද ඔවුන්ගේ දෙමවුපියන් ද සහභාගි වූහ.

දැනට පවතින පොල් හිඟවීමේ ගැටළුවට විසඳුමක් වශයෙන් පාසල් දරුවන් අතරේ ද පොල් වගා කිරීම ජනප්‍රිය කොට පොල් වගාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට පොල් සංවර්ධනය මණ්ඩලය පියවර ගෙන ඇත.

- වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment