ඊට අමතරව බස්නාහිර පළාත්සභා මන්ත්‍රී මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පලාත්සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල ,රණවිරු සුරැකීමේ සංවිධානයේ අජිත් ප්‍රසන්න යන අයද කැඳවා ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඩී.වී චානක යන දෙදෙනාහටද 10 දා දින හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලිසිය මගින් දන්වා තිබූ නමුත් එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පොලිසියට පැමිණීමට නොහැකි බැවින් 09 දින හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව එදින විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශයන්හි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.
0 comments :
Post a Comment