පුංචි ඡන්දයේ රිමෝට් එක මෛත්‍රී අතේ !

පුංචි ඡන්දයේ රිමෝට් එක මෛත්‍රී අතේ !
මීට පෙර පැවැති ක්‍රමයට අනුව යම් පළාත් පාලන ආයතනයක සරල බහුතර වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගනු ලබන පක්ෂයට අදාළ ආයතනයේ සභාපතිවරයා පත්කර ගැනීමේ හැකියාව ලැබේ. එහෙත් අදාළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නව මැතිවරණ පනත් සංශෝධනයෙන් පසු එවැනි සරල බහුතරයකින් සභාපතිධුරය ලබා ගත නොහැකි බවයි. එනම් අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති ධුරය ලබා ගැනීමට නම් අති බහුතරය ලබා ගත යුතුය. එවැනි අවස්ථාවක දී එක්සත් ජාතික පක්ෂය හෝ ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය ඔස්සේ පවසන ආකාරයට කුමන ඡන්ද පදනමක් ගත්තද, අති බහුතරය ලබාගත හැකි වනු ඇත්තේ අතිශය සුළු පළාත් පාලන ආයතන ප්‍රමාණයකින් පමණක් බවත්, ඉතිරි සියල්ලේ බලය තීරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හිමි වනු ඇති බවත් ය.මේ තත්ත්වය යටතේ කුමන දේශපාලන පක්ෂයකට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාගේ මැදිහත්වීමෙන් තොරව පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට හැකියාවක් නැති බව ද අදාළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.
 
පරාක්‍රම දිසානායක - සත්හඬ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment