ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති අතර එහිදී වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු අංශවල අදහස් ලබාගෙන වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අවම ප්‍රමිතියක් සකස් කිරීමට නියමිතය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව හේතුවෙන් පසුගිය දිනවල අවම ප්‍රමිතියක් සකස් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහට ලක්විය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගත යුතු බව රජයේ නිළ මතය වන අතර ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රමිතියක් නිර්මාණය කර එය ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතය.
0 comments :
Post a Comment