බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ'' - මංගල සමරවීර

බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ'' - මංගල සමරවීර

 

මෙහිදී අමාත්‍යවරයා ‘බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ. අපි පුංචි කාලෙ ඉඳල ඉගෙන ගත්තෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා කියලයි. නැතුව සියලු බෞද්ධයෝ නිදුක් වෙත්වා කියලවත් සියලු සිංහලයෝ නිදුක් වෙත්වා කියලවත් නෙවෙයි' යනුවෙන් ඒ මහතා පවසා සිටී.


මංගල සමරවීර අමාත්‍යවරයා අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘2018 වසරේ දි අපේ අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 2.2යි. ඒ වසරේ ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7යි. ඒකෙන් 84%ක් මහින්ද රාජපක්ෂ මහත්තය මුදල් ඇමැතිතුමා හැටියට ගත්ත ණයයි. ඔවුන් කලින් ඡන්දෙකට ගියෙ සුමනදාස මහත්තය කියපු නිසා නෙවෙයි. මේ අර්බුදේ එන නිසයි." යනුවෙන් පැවසීය.


මේ උත්සවය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර  සැමට සෙවණ විසිරි ණය ප්‍රදානයන් 1,000 ක්, හිමිකම් ඔප්පු ප්‍රදානයන් 100 ක්, සොඳුරු පියස ණය චෙක්පත් ප්‍රදානයන් 100 ක්, සැමට සෙවණ ආධාර ප්‍රදානයන් 50 ක්, විරු සුමිතුරු ආධාර ප්‍රදානයන් 25 ක්, ශිල්ප සවිය සහතිකපත් ප්‍රදානයන් 135 ක්, ශිල්ප සවිය පෙදරේරු ආයුධ කට්ටල ප්‍රදානයන් 100 ක් සහ ක්‍රීඩකයෙකු සඳහා නිවසක් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

- මාතර කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment