අතේ පච්චයට අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළ සුදු කතට ලක්ෂ 8ක් වන්දි


අතේ පච්චයට අත්අඩංගුවට ගෙන 
රටින් පිටුවහල් කළ සුදු කතට ලක්ෂ 8ක් වන්දි

භක්තිවන්තභාවය නිසා අත්බාහුවෙහි බුදුරුවක් පච්ච කොටාගෙන සිටි තමා අත්අඩංගුවට ගෙන දෙදිනක් සිර අඩස්සියේ තබා රටින් පිටුවහල් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරන ලදැයි පවසමින් බි්‍රතාන්‍ය තරුණියක් විසින් ගොනුකළ අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ
ශ්‍රේෂ්ඨාධිකරණය වන්දි හා නඩු ගාස්තු වශයෙන් ඇයට රුපියල් ලක්ෂ 08ක් ගෙවන ලෙස රජයටත් එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාටත් ඊයේ (15දා) නියෝග කළේය.

මෙම පෙත්සම ගොනුකොට තිබුණේ බි්‍රතාන්‍ය ජාතික තරුණියක් වූ නයෝමි මිචෙල් කෝල්මන්

මෙනෙවිය විසිනි.
මෙම පෙත්සම්කාර විදේශික තරුණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඍජුවම ක්‍රියාකොට ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා තම මුදලින්ම එක් අයකු රුපියල් 50,000ක් බැගින් රුපියල් ලක්‍ෂයක වන්දියක්ද රජයේ ආයතනයක් වන පොලිසියේ ක්‍රියාකලාපය තුළ මෙම සිද්ධිය සිදුව ඇති හෙයින් රජය රුපියල් ලක්ෂ 05ක වන්දියක්ද, ඊට අමතරව නඩු කටයුතු සඳහා ඇයට වැයවූ මුදල පියවා ගැනීම සඳහා නඩු ගාස්තු වශයෙන් තවත් රුපියල් ලක්‍ෂ 02ක්ද ගෙවන ලෙසට නියෝගයේ සඳහන් විය.
ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර අනිල් ගුණරත්න මහතා, ඊවා වනසුන්දර හා නලින් පෙරේරා යන සෙසු විනිශ්චයකාර දෙපොළගේ අනුමැතියෙන් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

බෞද්ධ ධර්මය කෙරෙහි පැහැදීමකින් සිටින තමා බෞද්ධ රටවල සංචාරය කිරීමත්, විටින් විට බෞද්ධ භාවනා වැඩසටහන්වලට පවා සහභාගි වීමත් වසර ගණනක සිටම කරගෙන යන බවත්, ශ්‍රී ලංකාවට 2014 අප්‍රේල් මස 05 වැනි දින පැමිණ කටුනායකින් ගොඩබසින ලද අවස්ථාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කළ රියැදුරකු අසල සිටි පොලිස් නිලධාරියකු සමඟ එක්වී තමා කටුනායක පොලිසියට රැගෙන ගිය බවත්, එහිදී තමා පැහැදිලි කළ කිසිවක් වටහාගැනීමට ඉංග්‍රීසි භාෂාව නොදත් එහි සිටි නිලධාරීන් දෙදෙනාට නොහැකි බවත් ඔවුන් සිංහල භාෂාවෙන් මොන මොනවාදෝ කියා තමා අත්අඩංගුවට ගෙන පසුව මිරිහාන රැඳවුම් කඳවුරක සිරකර තබා දින 02කට පසු අධිකරණ නියෝගයක් ලබාගෙන රටින් පිටුවහල් කළ බවත් ඇයගේ පෙත්සමෙන් ප්‍රකාශ විය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment