සයිටම් විරෝධතා අවසන්!

සයිටම් විරෝධතා අවසන්!

 

රජය මගින් ලබාදුන් තීන්දුව පිළිගත හැකි නමුත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය රට තුළ ස්ථාපනය කිරීම වෙනුවෙන් සිසුන් කරන අරගල අත්නොහරින බව විරෝධතාවට එක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුන සංකල්ප මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍ය පීඨයේ සිට පා ගමනින් පැමිණි සිසුන් සිය අරගල අවසන් නොමැති බව සංකේතවත් කරමින් ගලහ හන්දියේ කෙටි විරෝධතාවක් පළ කළ අතර අනතුරුව දින 653ක් සම්පූර්ණ වී තිබුණු සිය සත්‍යග්‍රහයේ අට්ටාලය ගලවා ඉවත් කළෝය.

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් විසින් රැගෙන විත් තිබුණු කැවුම් කිරිබත් රස විදිම ද මෙම අවස්ථාවේ සිදුවූ අතර සිසුන් සිය ජයග්‍රහණ සැමරුම් නිමින්තෙන් අට්ටාලය අසල සිට සමූහ ඡායාරූප ගැනීම ද සිදුවිය.

පැයක පමණ කාලයක් පැවැති මෙම ක්‍රියාවලිය නිසා මහනුවර කොළඹ මහා මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වි තිබුණු අතර වාහන ධාවනය යථාවත් කිරීමට පේරාදෙණිය පොලිස් නිලධාරීන් කටයුතු කළහ.

සෙසු විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ මේ වන විට ආරම්භ වූ නමුත් පේරාදෙණීය විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ සියලුම සිසුන් එක් අවස්ථාවක අධ්‍යයන සදහා සහභාගී විය යුතු බවට ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඔවුන් මෙම මස 20 වන දින පෙරවරුවේ දේශන සඳහා සහභාගී වන බවත් වැඩබලන උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජයවීර මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

vlcsnap 2017 11 13 16h31m05s808

vlcsnap 2017 11 13 16h31m16s600 1

vlcsnap 2017 11 13 16h31m54s490

vlcsnap 2017 11 13 16h33m36s210

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment