කොට්ටුකච්චිය කච්චිමඩුව වැව පිළිසකර කිරීමට කණකොකා හැඬුවාද ?

කොට්ටුකච්චිය කච්චිමඩුව වැව පිළිසකර කිරීමට කණකොකා හැඬුවාද ?
කච්චිමඩුව වැවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාරගත් අදාල පුද්ගලික ආයතනය එහි වැඩකටයුතු නිසි ප්‍රමිතියට නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ කටයුතු නැවැත්වීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව ජනතාව සඳහන් කරති.
 
අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු මෙලෙස නවතා දැමුවද නැවත එකී ප්‍රතිසංස්කරණ කටයුතු මේ දක්වා වෙනත් කොන්ත්‍රාත් ආයතනයකට භාර නොදීම හේතුවෙන් ජලය ගබඩා කර ගැනීමට නොහැකි වීම නිසා ගොවි ජනතාව කන්න 4 ක් ගොවිතැන් කිරීමට නොහැකිව ලතවෙමින් සිටිති.
 
කොට්ටුකච්චිය ව්‍යාපාරයේ ඉදිරි කන්නයේදී හෝ තම ගොවිතැන් කටයුතු සිදු කිරීමට අවස්ථාවක් ලැබේදැයි ගොවි ජනතාව බලා සිටිති.
 
වියළි දේශගුණයක් පැවති පසුගිය අවධියේ කන්න 3 ක්ම ජලය නොමැතිකම නිසා වගාකිරීමට නොහැකි වූ අතර ඉදිරි කන්නය සඳහා හෝ අවශ්‍ය ජලය රඳවා ගැනීමට නොහැකි වී තිබේ. ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිමාවට පත්කර තම ගොවිතැන් සිදුකර ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
 
පුත්තලම කේ. ප්‍රියංකර
 
kachchimaduwa 1
kachchimaduwa 2
kachchimaduwa 3
kachchimaduwa 4
kachchimaduwa 5
kachchimaduwa 6
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment