තේම්ස් නදියේ ග්‍රිනිච් සහ සවුත් බෑන්ක් ආශ්‍රිතව මුහුදු අශ්ව විශේෂ 2 ක් ජීවත් වන බව මේ වන විට සාගර විද්‍යාඥවරියන් දෙදෙනෙක් විසින් හඳුනාගෙන ඇත. ඔවුන් දිගු දුරක් සංක්‍රමණය වන විශේෂ නොවන නිසා, විශ්වාස කෙරෙන්නේ තේම්ස් නදියේ මුහුදු පැළෑටි අතර කිසිවෙකුට ඇස නොගැටී ඔවුන් බොහෝ කාලයක් ජීවත් වන්නට ඇති බවයි. තවද ඔවුන් තේම්ස් නදියේ 'ස්ථිර පදිංචිකාරයන්ද' වන්නට ඇති බවයි.
කෙසේ නමුත් මුහුදු අශ්වයා මිරිදියේ ජීවත් වීමට නොහැකි අයෙක් නොවේ. සාමාන්‍යයෙන් වසරකට දෙකකට වරක් තේම්ස් නදියේ ඔවුන් ජීවත් වන බවට ලකුණු පහළ වේ. එසේ වුවත් ස්ථිර පදිංචිකරුවන් ලෙස තේම්ස් නදියේ කල්ගෙවන මුහුදු අශ්වයන් පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
මුහුදු අශ්වයන්ට අමතරව මත්ස්‍යයන්, අළු පැහැති සීල් මෙන්ම මෝරුන් ද විශේෂ 100කට වඩා තේම්ස් නදියේ ජීවත් වෙති.
මුහුදු අශ්වයා හැඳින්වෙන්නේ සත්ව ලෝකයේ ‘අසිරිමත්ම තාත්තා’ යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව දරුවන් වැදීම සම්බන්ධයෙන් මුහුදු අශ්වයන්ගේ ලෝකයේ ස්ත්‍රී සත්වයාට භූමිකාවක් නැත. එනම් ගැබ්බර වන්නේ ද දරුවන් බිහි කරන්නේ ද මුහුදු අශ්ව තාත්තා ය! ඔහුට සිය කුස තුළ තිබෙන පැස තුළ එකවර දරුවන් 2000 ක් වුවත් දරාගෙන සිටීමට හැකියාව තිබේ. ගැබ් කාලය දින 10 සිට දින 25 දක්වා වන අතර සංසේචනයේදී ගැහැනු මුහුදු අශ්වයා කරන්නේ පිරිමි සත්වයාගේ පැස තුළ සිය ඩිම්භ තැන්පත් කිරීම පමණි.
-අමාලි ජයවීර
0 comments :
Post a Comment