ශලීල මුණසිංහට අමතරව ජනක චමින්ද නම්මුනි ඇතුළු පිරිසකට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරුණු අතර මේ වනතෙක් රක්ෂිත බණ්ධනාගාරගතව සිටියේය.
සැකකරුවන් විසින් ලංකා බැංකුවේ තිබූ සිය ගිණුම්වලට බැරවූ මුදල් ලබාගෙන තිබූ අතර ශලීල මුණසිංහ අදාල මුදල්වලින් කොටසක් රහස් පොලීසිය වෙත ලබාදුන්නේය. ඔහු ප්‍රකාශ කළේ තමා සතුව ඇත්තේ එම මුදල් ප්‍රමාණය පමණක් බවයි. කෙසේ වෙතත් අද ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තවත් රුපියල් ලක්ෂ 29 ක් පමණ තිබෙන බව හෙළිකළ අතර එම මුදල් අධිකරණය වෙත භාරදීමට පොරොන්දු වී තිබේ.
0 comments :
Post a Comment