ශ්‍රීලනිපය - ඒකාබද්ධය සමගි වෙන ලකුණු.


මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමේ සම්මුතිවාදී සාකච්ඡා ඉදිරි සතියේදී යහපත් ලෙස අවසන් කිරීමට හැකි වෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය පළ කරයි.

දෙපාර්ශ්වය සමගි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බව එම සාකච්ඡා සඳහා පෙරමුණ ගෙන සිටින ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු ලක්බිමට පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟත්වය පළකිරීමට නියමිත අතර ඒ පිළිබඳව ඉතා ඉක්මනින් දැනුම් දීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දෙපාර්ශ්වයේ සමගි වීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම සුළු පිරිසක් දැඩි ලෙස විරෝධය පළ කරන අතර ඉදිරි දින කිහිපයේදී ඔවුන්ගේද එකඟත්වය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment