තෙල්ගමු ඔයේ අතුරුදන්ව සිටි චිනුකි සහ විමාෂිගේ මළ සිරුරුත් සොයාගනී


තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් පෙරේදා අතුරුදන්වූ කුඩා දරුවන් දෙදෙනා සොයා සිදුකරන මෙහෙයුම් අද තුන්වන දිනටත් ක්‍රියාත්මකව තිබුණා.


මාතලේ - ලග්ගල - තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි  දැරියන් දෙදෙනාගේ මළ සිරුරුද අද (06) උදෑසන සොයාගෙන තිබෙනවා.
ඒ අනුව දියේ ගිලී අතුරුදන්වූ අටදෙනාගේම මළ සිරුරු මේ වනවිට සොයාගෙන අවසන්.
අද පෙරවරුවේ මෙහෙයුම් ආරම්භ කළ කණ්ඩායම්වලට මියගිය 12 හැවිරිදි සහ 07 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබුණේ ඔවුන් දිය නාමින් සිටි ස්ථානයට කිලෝමීටර භාගයක් පමණ දුරින් ජලයේ පාවෙමින් තිබියදියි. 

මෙලෙස සොයාගෙන ඇත්තේ මෙම අනතුරින් මියගිය කිංස්ලි රත්නායකගේ දියණියන් වන 12 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ චිනුකි මන්දනා රත්නායක , සහ මියගිය රවින්ද්‍ර ලසන්ත උඩුවරගේගේ දියණිය වන 07 හැවිරිදි උඩුවරගේ දොන් විමාෂි උඩුවරගේගේ සිරුරුයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment