මංගල විරුද්ධ පක්ෂයේ සිට කියූ අනාවැකියක් අද හරියයි!

මංගල විරුද්ධ පක්ෂයේ සිට කියූ අනාවැකියක් අද හරියයි!

ෂැංග්‍රිලා හෝටලයට එදා මුල්ගල තැබුවේ එවක පැවති රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය. ෂැංග්‍රිලා කලම්බු හෝටලයේ දේශීය නියෝජිතයා වන මංගලගේ සමීපතම මිතුරෙකු වන සජාඩ් මව්සුන් පවා එදා මංගලගේ කතාවට සිනා පහල කලේ මංගල දවල් හීන දකිනවා යැයි කියමිනි. එකල ඔහු මංගලට උදව් කලේ හොර රහසේය. අද ඔහු මංගලගේ සෙවනැල්ල මෙනි. අද ඔහු බැසිල් දිහා හැරිලාවත් බලන්නේ නැත. දේශපාලනයේ හැටි එසේය. නමුත් ඔහු රාජපක්ෂලාට යටින් උදව් කරනවා විය හැක. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ව්‍යාපාර කටයුතු එකි නෙක වෙලී බැඳී පවතින හෙයින් ඒ පිළිබඳව සජාඩ්ට දොස් කිව නොහැක.

ෂැංග්‍රිලා හෝටලයේ පීත්ත පටිය කපා එය විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝටලයේ තිස්පස්වන තට්ටුවට ගොස් බියෙන් මෙන් හාත්පස බලන ආකාරය අද දෙරණ රූපවාහිනිය මගින් මනා ලෙස ප්‍රදර්ශනය කළ අතර ඉන්පසු පෙන්වන ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා මුල්ගල තැබූ ආකාරයේ දර්ශනාවලියකි. එය කෙතරම් දීර්ඝ වීද යත් අද හෝටලය විවෘත කලේ බැසිල් රාජපක්ෂ විසින් යැයි සිතීමට තරම් දෙරණ රූපවාහිනී ප්‍රේක්ෂකයන් අන්ද මන්ද කළේය. ගෙවී ගිය සොඳුරු අතීතය පිළිබඳව දිලිත් ජයවීරගේ දෙරණ රූපවාහිනිය වැලපුනේ ඒ අයුරිනි.

අද පැවති උත්සවයේ එක්තරා පුද්ගලයෙකු සුව්ශේෂ විය. ඔහු එදා මුල්ගල තබන අවස්ථාවේදීත් ප්‍රධාන ආරාධිතයන් අතර විය. එමෙන්ම අද උත්සවයේදීත් ප්‍රධාන ආරාධිතයන් අතර සිටීමට ඔහුට හැකිවිය. ඒ අන් කවරෙකු වත් නොව එවක කොළඹ පුරපතිව සිටි එම්.ජේ.එම් මුසම්මිල් මහතාය. අද උත්සවයට ඔහු විශේෂයෙන්ම පැමිණ සිටියේ මැලේසියාවේ සිටය. ඔහු මේ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබයි.

මේ සියළු විස්තර වලින් උගත හැකි පාඩම නම් දේශපාලනය විශාල වේගයකින් වෙනස් වන බවයි. ලෝක දේශපාලනය මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලනයේද තත්වය එසේමයි.

‘කලකදි වහලු කලකදි රස වෙනවාලු'

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment