නීතිපති සහ අගමැති හදිසි සාකච්ඡාවක් - පළාත් පාලනය පැරණි ක්‍රමයට?

අද උදැසන නීතිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඇති මතික හැකියාවන් විමසා බැලීම සඳහායි.

එහිදී නීතිපතිවරයා විසින් අගමැතිවරයාට පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය යටතේ ක්‍රම දෙකක් යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බවයි.

ඒ අනුව දැනට පවතින නඩු ඉල්ලා අස්කර ගැනීම මඟින් හෝ පැරණි මැතිවරණ ක්‍රමය මඟින් හෝ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව නීතිපතිවරයා විසින් අගමැතිවරයාට පෙන්වා දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුඩ් සහභාගී වී ඇති අතර බොහෝ විට පැරණි මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වෙනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment