ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ඡන්දයට පෙර අත්අඩංගුවට...?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ඡන්දයට පෙර අත්අඩංගුවට...?

ටෙන්ඩර් කැඳවීම් හෝ නිසි අගැයීමක් නොමැතිව බිලියන ගණන් වටිනා ඩීල් දමාගන්නට මෙම අධ්‍යක්ෂකවරු සභාපතිට ඉඩ දුන්හ. වැලිඅමුණ වාර්තාවට අනුව රත්නායකගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ විගණන කමිටුවට, එවැන්නකට තිබිය යුතු අවම සුදුසුකම්වත් නැත. විමර්ශන වාර්තාවෙන් පැහැදිලිවම අධ්‍යක්ෂ මණ්ඩලය සහ විගණන කමිටුව වැරදි බව පෙන්වා දෙයි. එනම් මහජන මුදල් අයථා ලෙස පාවිච්චි කිරීම වළක්වා ගත හැකිව තිබූ එකම ක්‍රමය වූයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ විගණන කමිටුවයි. මෙම අධ්‍යක්ෂකවරුන්ගේ වැරදි කළමනාකරණය නිසා අද වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම එයට විය යුතුව තිබූ රාජකීය අවුලේ පැටලී ඇත. රත්නායක සහ විජේසිංහ වැනි අය, මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදල් බිලියන ගණනක් පාඩු කිරීමෙන් පසුවත් ජෝන් කීල්ස් වැනි පුද්ගලික අංශයේ සමාගම්වල තනතුරු උසුළන්නේ කෙසේද යන්න අබිරහසකි.

විශ්ලේෂකයන්ට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ගුවන් සේවයේ බැඳියාවන් ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමක් මෙන්ම භාරකාරත්ව භූමිකාවක් ද තිබේ. තවද අයුතු අත්පත්කර ගැනීම්, දූෂණ හෝ අල්ලස නොමැති වන තැනට වගබලා ගැනීමට ද ඔවුන්ට වගකීමක් තිබේ. නමුත් නොමිලේ ලැබෙන ගුවන් ටිකට් පත් නිසා ඔවුන් රාජපක්ෂලාගේ සීමාව ඉක්මවා යාමට ඉඩ දුන්නේ සිය කැමැත්තෙනි.

හිටපු සභාපති විසින් ගුවන් යානා මිලදී ගැනීමට ඉදිරිපත් කළ සියලු යෝජනා අනුමත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතුය. මේ අනුව සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ කාලය තුළ සමාගමේ අනුමත ටෙන්ඩර් පටිපාටියට පිටින් යමින් සිදුකළ එයාබස් ගිවිසුම් අනුමත කිරීමට උදව් කිරීම හා අනුබල දීම සම්බන්ධයෙන් මෙම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය වරදකරුවන් වේ.

රහස් පොලිසි මූලාශ්‍ර සහ මූල්‍ය අපාධ කොට්ඨාස තොරතුරුවලට අනුව මේ වන විට මේ පිළිබඳ විමර්ශන අවසන් අතර, නිශාන්ත වික්‍රමසිංහ, සුසන්ත රත්නායක, කපිල චන්ද්‍රසේන සහ සෙසු අය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉක්මනින්ම ඉල්ලීමක් ඉදිරිපත් කෙරෙනු ඇත. පැවසෙන අන්දමට මේ අය විසින් කර තිබෙන්නේ ඇප දිය හැකි වරද නොවේ. මේ සුදු කොලර් අපරාධකරුවන් නීතියට හසුවී සිටින ආකාරය දැක ගැනීමට මහජනයා ඉතා කැමැත්තෙන් පසුවෙති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment