ලංකා ඊ නිවිස් වෙබි අඩවියට පිවිසීම අවහිර කිරීම වහා නවතනු !

ලංකා ඊ නිවිස් වෙබි අඩවියට පිවිසීම අවහිර කිරීම වහා නවතනු !

 

රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමට ප‍්‍රතිඥා දෙමින් බලයට පැමිණි ආණ්ඩුවේ නායකයන් ජනමාධ්‍ය මර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලැබූ පළමු පියවර මෙය නොවේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය ආයතන හා පුවත් පත් කතුවරුන් නම් කරමින් ඔවුන්ගේ ප‍්‍රකාශණ අයිතියට බාධා කිරීමට ගත් පියවර රාශියක් ද දිගින් දිගට ම වාර්තා විය. රාජ්‍ය නිළධාරීන්, ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන්, දේශපාලනඥයන් මේ මග යමින් මාධ්‍ය නිදහසට හා මාධ්‍යවේදීන්ට සිදුකළ බලපෑම් බහුල ලෙස වාර්තා විය.

ජනමාධ්‍ය ආයතන ගිනි තබමින්, මාධ්‍යවේදීන් මරාදමමින්, අතුරුදහන් කරමින්, කෘර ලෙස පහර දෙමින් පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සිදුකළ දරුණු මර්ධන කි‍්‍රියා පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙසට ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන නිරන්තරව බලපෑම් කරමින් සිටින තත්වයක් තුළ මෙම ඊ නිව්ස් වාරණය දැඩිව හෙළාදැකිය යුතු තත්වයකි. මහින්ද රාජපක්‍ෂ සමයේ ලංකා ඊ නිව්ස් ආයතනයට ගිනි තැබූ අතර එහි සේවය කළ මාධ්‍යවේදීයෙකු වූ එක්නැළිගොඩ අතුරුදහන්කර බොරු චෝදනා ඉදිරිකපත් කරමින් එහි මාධ්‍යවේදීන් අත්අඩංගුවට පත්කළ අවස්ථා ද විය.

ලංකා නිව්ස් හි අචාර ධාර්මික නොවන මාධ්‍ය හැසිරීම පිළිබඳව බලවත් විවේචන පැවතිය ද ඔවුනට රාජ්‍ය පාලකයන් දේශපාලනඥයන්, හා අනෙකුත් රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් පිළිබඳව ඔවුන්ගේ කි‍්‍රයාවන්, හැසිරීම් පිළිබඳව විවේචනාත්මක වාර්තා පළකිරීමට හා එහි ග‍්‍රාහකයන්ට ලංකා ඊ නිව්ස් වෙබි අඩවියට පිවිසීමට ඇති අයිතිය වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්ලෙනය දැඩිව පෙනී සිටී.

නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකි ලංකා ඊ නිවුස් වාරණය වහාම ඉවත් කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය ඇමතිවරයා වහාම පියවර ගතයුතු බව අප සම්මේලනය දැඩිව අවධාරණයකර සිටී.

- මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment