කෝපා වාර්තාව (CoPA) අද පාර්ලිමේන්තුවට

කෝපා වාර්තාව (CoPA) අද පාර්ලිමේන්තුවට

2015 වසරේදී මහජන ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට විමර්ශනය කිරීමට නියම කළ රාජ්‍ය ආයතන 831 ම පිළිබඳ සියලු තොරතුරු එහි අන්තර්ගත ය. කෝපා කමිටුව විසින් පරීක්ෂා කළ අමාත්‍යාංශ 50 ක්, දෙපාර්තමේන්තු 91 ක් සහ විශේෂ වියදම් ඒකක 18 ක තොරතුරු ද එයට ඇතුළත් ය. තවද දිසා ලේකම් කාර්යාල 25ක, පළාත් අමාත්‍යාංශ 45 ක, නගර සභා 23 ක සහ ප්‍රාදේශීය සභා 271 ක විස්තර ද එහි ඇතුළත් ය.

තවද 2016 වසර තුළ පැවැත්වූ විමර්ශනවල වාර්තාවද මේ වසර අවසාන වන්නට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

‘කෝපා කමිටුව’ යන කෙටි නාමයෙන් හඳුන්වන මහජන ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, ශ්‍රී ලංකා පා්රලිමේන්තුවේ පවතින මූල්‍ය කාරක සභාවන් ද්විත්වයෙන් එකකි. සියලු පක්ෂ නියෝජනය කරන සාමාජිකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් විසින් නම්කරනු ලබන සාමාජිකයන් 12 දෙනෙකුගෙන් එය සමන්විත වේ. ආණ්ඩුවේ, අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල සහ ප්‍රාදේශීය සභාවන් හි කළමනාකරණ කාර්යක්ෂමතාවය සහ මූල්‍ය විනය පරීක්ෂා කිරීම සහ ඒ අනුව පාර්ලිමේන්තුවට වාර්තා සැපයීම කෝපා කමිටුවේ මූලික කර්තව්‍යයයි. පාර්ලිමේන්තුව විසින් ලබාදෙන මුදල් ප්‍රතිපාදන, මහජන වියදම් සඳහා වැය කළ ආකාරය පරීක්ෂා කිරීම මෙමගින් අපේක්ෂිත ය. 

නිදහසින් පසු මේ දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මහජන ගිණුම් කාරක සභා 21 ක් පත් කර තිබේ. මේ අනුව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් අද දිනයේ 8 වැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන්නේ 21 වැනි කෝපා වාර්තාවයි.

- අසිත කුරුප්පුආරච්චි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment