IGP - DIG ලාගේ ෆෝන් ටැප් කරලා.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථනවල සවිස්තරාත්මක බිල්පත් ලබාගැනීම හා ඒවාට සවන්දීම සිදුකර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසමට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා (24) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසම හමුවූ අවස්ථාවේදී මේ දැනුම්දීම සිදුකර තිබේ.

මෙසේ සවිස්තරාත්මක බිල්පත් ලබාගෙන ඇති දුරකථන අංක අතර ජනමාධ්‍යවේදීන්ගේ දුරකථන අංකද ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරු පොලිස් කොමිසමට දැනුම්දී ඇත.

පොලිස්පතිවරයා සිය ගෝලයකු වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යොදවා මෙම කටයුතු සිදුකර ඇති බවටද එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු චෝදනා කර තිබේ.

පොලිස්පතිවරයා නොමැතිව පොලිස් කොමිසම සමඟ පැවැති මේ සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වන එස්.එම්. වික්‍රමසිංහ හා චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් පළමු වරට සහභාගිවී සිටි බවද පැවසේ.

එස්.එම්. වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment