ඇමෙරිකාවට විරුද්ධව රටවල් 128ක්.

ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ප්‍රකාශයට ඉවත් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 128ක් හිමිවිය.

ශ්‍රී ලංකාව ද අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 9ක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මේ අතර යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන රටවල් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවටත් මූල්‍යාධාර ලබා නොදෙන බවටත් ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවලට අනතුරු අඟවා ඇතැයි රොයිටර් ඇතුළු පුවත් සේවා වාර්තා කර තිබිණි. 

ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අරාබි සහ මුස්ලිම් රටවලින් කෙරුණු ඉල්ලීමක් අනුව එක්සත් ජාතීන්ගේ හදිසි හා විශේෂ මහ මණ්ඩල සැසියක් කැඳවූ අතර එහිදි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නැයි ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් විය. අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment