2018 ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ වැටුප් ඉහළට

2018 ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ වැටුප් ඉහළට



නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් කරන ලද යෝජනාවකට අනුව මෙම වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සභාපතිත්වය දරණ ආයතන කටයුතු පිළිබඳ ව කැබිනට් අනු කාරක සභාවේ අනුමැතිය ද, නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනාව පිළිබඳව වාර්තාවක් සැපයීමට පත් කළ කැබිනට් අනු කාරක සභාවේ සභාපති විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව මෙම කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව 2018 ජනවාරි 01දා සිට වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී තිබෙන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
- News.lk

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment