මෙම පොලිතින් තහනම වෙළෙඳ පොළට පමණක් නොව ජාතික,ආගමික ඇතුළු සියලු උත්සව අවස්ථා, දේශපාලන රැස්වීම් ආදියටද ක්‍රියාත්මක බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ. පසුගිය සැප්තැම්බර් මස 01 වැනි දින සිට එම නිතිය ක්‍රියාත්මක වුවද හෙට දිනය දක්වා සහන කාලයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කළේය. පොලිතින් භාවිතය තහනම් කළද ඒ වන විට පොලිතින් වෙනුවට නිශ්චිතව විකල්පයක් නොතිබූ හෙයින් සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය චෝදනා කළේ හදිසියේ පොලිතින් තහනම සිය කර්මාන්තයට විශාල හානියක් බවයි. විකල්පයක් සඳහා යොමු වීමට කාලය අවශ්‍ය බවද ඔවුන් පැවසීය.
ඉන් පසුව පැවති තත්ත්වයට වඩා පරිසර හිතකාමී යැයි පවසන පොලිතින් බෑගයක් වෙළෙඳ පොළේ භාවිතා කෙරුණි. කෙසේ වෙතත් සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය මේ වන විට අවධාරණය කරන්නේ පොලිතින් නිෂ්පාදකයන්ට රජය ලබා දීමට පොරොන්දු වූ සහන කිසිවක් ලබා දී නොමැති බවයි.
එමන්ම අද (31) සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කැඳවූ මාධ්‍ය හමුවේදී ඔවුන් කියා සිටියේ පොලිතින් තහනම නිසා ඉදිරියේදී ආහාර මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment