මිය යන විට සිය ජීවන ගමනේ 79 වන වසරට පා තබා සිටි ශෂී කපූර්, සිය ජීවිත කාලය තුළ හින්දි චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක් සදහා සිය රංගනයෙන් දායක වී ඇත. තමන් රගපෑ චිත්‍රපට බොහොමයක් සදහා සම්මාන දිනාගත් මොහු 2011 වසරේදී ඉන්දීය රජයෙන් පිරිනමන පද්ම භූෂාන් සිවිල් ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
ඉන්දීය සිනමාවේ පතාක යෝධයන් වන කපූර් පවුලේ සාමාජිකයෙක් වන ශෂී කපූර්, හින්දි සිනමාවේ අසහාය නළුවෙක් වන රාජ් කපූර්ගේ බාල සොහොයුරා ද වේ. ආග්, ආවාරා, රාජ සාබ්, රූතා නා කරෝ ආදිය ශෂී කපූර් රංගනයෙන් දායක වූ දීර්ඝ චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත් වේ.
- හංසනී සම්පත්
0 comments :
Post a Comment