බත් පතට සහ පාන් පෙත්තට හොරෙක්!

බත් පතට සහ පාන් පෙත්තට හොරෙක්!

 

පරිසරයේ පවතින කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ නැගීමත් සමග ප්‍රධාන බෝගවල ඇති පෝෂණ සංඝටකවලට හානි වන බව ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ පරීක්ෂණ පෙනී ගොස් ඇත.

‘මේක අවුරුදු 25 ක විතර දුර කතාවක්. නමුත් මේක තදින්ම දැනෙන්න ගත්තෙ වසරක පමණ සිට' ඇමරිකානු කෘෂි පර්යේෂණ ආයතනයේ සේවය කරන ශාක කායික විද්‍යාඥ ලුවිස් සිස්කා පවසයි.

 

‘වී, තිරිඟු සහ අනිකුත් ප්‍රධාන ආහාර භෝගවල පවතින සමහර ඛණිජළවණ සහ ප්‍රෝටීන් දශක කිහිපයක් තුළ ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. අද පවතින ප්‍රමාණයට වඩා බොහෝ ප්‍රමාණයක් ඉදිරියේදී අඩු වෙනවා. ' යනුවෙන් සිස්කා පෙන්වා දෙයි.

 

‘කාබන් ඩයොක්සයිඩ් මට්ටමට බෝග ප්‍රතිචාර දක්වනවා. එය බලපානවා පෝෂ්‍ය පදාර්ථ වලට සහ බිලියන ගණනක් ලෝක ජනතාවගේ සෞඛ්‍යට. මේ සම්බන්ධයෙන් නොදන්නා අයට ඒත්තු ගන්වන්න අමාරුයි. මොකද කාබන්ඩයොක්සයිඩ් ශාක වර්ධනයට අත්‍යවශය නිසා. නමුත් මේකෙන් කියන්නෙ නැහැ කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් දීලා වැඩි ප්‍රයෝජනයක් තියෙනවා කියලා ' සීකා පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හාවඩ් විශ්වවිද්‍යාලයේ සැමුවෙල් මේයර් විද්‍යාඥයා විසින් 2017 මහජන සෞඛ්‍ය සම්බන්ධ වාර්ෂික වාර්තාවේදී පෙන්වා දෙන්නේ

‘බිලියන ගණනක් මිනිසුන්ට ප්‍රමාණවත් තරම් සින්ක් ආහාරයත් සමග ලැබෙන්නෑ. මේ නිසා නොමේරූ දරු උපත්, අඩු වර්ධන දරුවන් සහ දුර්වල ප්‍රතිශක්තීකරණයේ අවදානම වැඩිවීමක් දක්නට ලැබෙනවා ' යනුවෙනි.

2014 මහත්ද්වීප 3 ක් මුල්කරගෙන සිදුකරන ලද සමීක්ෂණයකදී සැමුවෙල් මේයර් විද්‍යාඥයාට සහ ඔහුගේ සගයන්ට හෙලිව තිබුනේ වී, තිරිඟු වල සින්ක් ප්‍රමාණය අඩුවේගන යන බවත් ඒවා ආහාරයට ගන්නා මිලියන 150-200 ක පමණ ජනතාවක් සින්ක් ඌනතාවයෙන් පෙලෙමින් සිටින බවත්ය.

එසේම සමහර ධාන්‍ය සහ රනිළ බෝගවල යකඩ ප්‍රමාණය අඩුවීමක් දක්නට ලැබේ. මේ හේතුව නිසා ඉන්දියාව ආදී සමහර රටවල යකඩ ඌනතාවය හේතුකොට ගෙන 20% ජනතාව රක්තහීනතාවයෙන් පෙළෙන බව පරීක්ෂණවලින් හෙලිවී තිබේ.

හාල් සහ තිරිඟුවල ඇති ප්‍රෝටීන් 8% කින් අඩු වී ඇති බව පර්යේෂණවලින් හෙලිව ඇත.

ඒ අනුව 2050 වන විට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීමේ බලපෑම නිසා බිලියන 1.4 ක ජනතාවක් ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙලෙනු ඇතැයි ගණනය කර ඇත.

කුමී විජේවර්ධන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment