තාත්තා මියගිය පසු නැන්දලා බාප්පලා දියණියන්ට පහරදී එළවා නිවස අල්ලලා

තම පියා මියගිය පසු නිවෙසින් පිටවෙන ලෙස තර්ජනය කරමින් නිවසට ඇතුළුවී ඥාතීන්ගේ පහර කෑමට
ලක්ව තුවාල ලැබූ දියණියන් තිදෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මේ ලෙස රෝහල් ගත කර සිටින්නේ දේවාලේගම නවගමුව පාවේ පදිංචි දියණියන් තිදෙනකු බව පොලිසිය

කියයි.
මෙම තරුණියන් නිවසේ සිටියදී එහි පැමිණි පියාගේ ඥාතිවරු වසා තිබූ දොරට ගසා එය කඩාගෙන නිවෙසට ඇතුළුවී නිවෙසින් පිටවන ලෙස තර්ජනය කරමින් පහරදී ඇති බවත් ඔවුන්ගේ දරුවන් නිවෙසට ගල් මුල්වලින් පහර දී ඇති බවත් තුවාල ලැබූ දියණියන් පොලිසියට කියා ඇති අතර තම පියා
මීට වසරකට පමණ පෙර මියගොස් ඇති බවත් පියා විසින් හැදූ නිවේසේ මව සමඟ ජීවත්වන අතර තමන් පදිංචි නිවෙස අතහැර යන ලෙස නිතර නිතර බලපෑම් කරමින් සිටි අතරවාරයේ මේ සිදුවීම සිදුවූ බවත් දන්වා ඇත. එසේ පැමිණි නැන්දලා බාප්පලා හා ඔවුනගේදරුවන් මෙම කරදරය සිදු කර ඇත.
මෙම තරුණියන් කැගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කැගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment