උතුරේ දේශපාලන කුණාටුවක් : සූර්යා බිඳ වැටෙන ලකුණු.


ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඒකාබද්ධව සූර්යා ලකුණු යටතේ බිහිකළ දෙමළ ජාතික විමුක්ති සන්ධානය පක්ෂය බිඳ වැටෙන ලකුණු පහළ වි ඇති  අතර වව්න්දන් මහතා හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතා අතර හටගත් අර්බුදය හේතුවෙන්  මෙම අර්බුදය හටගත් බවයි.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ ඉදිරි  පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දෙකඩවීමට නියමිත බවයි.

මීට හේතුවී ඇත්තේ ශිවශක්ති ආනන්දන් මහතා වව්නියාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අයෙකි. ශිවශක්ති තමන්ගේ සමීපතමයෙක් වව්නියාව නගරාධිපති අපේක්ෂක වශයෙන් තෝරා ගැනීමට කටයුතු කොට ඇති අතර, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතා ඊට එරෙහි වී තිබේ.

පවතින ගැටළුව සම්බන්ධයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ නව සන්ධානය තුළ යම් යම් අර්බුද හටගෙන ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment