'පොහොට්‌ටුවේ ජය නියතයි' - විමල් වීරවංශ.


එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්‍ෂය තරග කරන පොහොට්‌ටුව බහුතර බලයකින් ජයග්‍රහණය කරන බව ද, එම නිසා කිසිදු පක්‍ෂයක්‌ සමග සන්ධානගත වීමට අවශ්‍යතාවක්‌ නැතැයි ද ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

 ජාතික නිදහස්‌ පෙරමුණ මූලස්‌ථානයේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙසේද කීවේය.

 සුසිල් ප්‍රේම්ජයන්ත මහතා එක එක කාලෙට එක එක කතා කියනවා. දැන් කියන කතාව තමයි ඡන්දයෙන් පසුව අපිත් සමග සන්ධානගත වෙනවා කියන එක. අපිට බහුතර බලයක්‌ ලැබෙනවා. එම නිසා කා සමගවත් සන්ධානගත වෙන්න අවශ්‍ය නැහැ. නමුත් එහෙම අවශ්‍යතාවක්‌ වුණොත් එදාට බලමු.

 දැන් බුලත් කොලෙන් ඡන්දය ඉල්ලන්ගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්‌ඩායම. අලියාගෙන් ඡන්දය ඉල්ලන්නේ ආණ්‌ඩුවේම තව පාර්ශ්aවයක්‌. ආණ්‌ඩුවේ ස්‌පෙයාවීල් එක තමයි සීනුවෙන් ඡන්දය ඉල්ලන්නේ. ස්‌පෙයාවීල් එක තමයි හදිසි අවශ්‍යතාවකදී ආණ්‌ඩුව ප්‍රයෝජනයට ගන්නේ. ඒ සියලුම දෙනාම ආණ්‌ඩුවේ එක එක පාර්ශ්ව. 

 මේ රට විපතට ඇදගෙන යන, වෙලාවට තෙල් ටික බෙදාගන්න බැරි, ගොවියාට පොහොර ටික දෙන්න බැරි, හොරකම ඇරෙන්න වෙන මොකක්‌වත් කරන්න බැරි, රටට විවිධාකාරයෙන් විපත් ක්‍රියාමාර්ග ගෙන එනු ලබමින් තිබෙන මේ ආණ්‌ඩුවට එරෙහිව බලවත්ව මහජනතාවට එක්‌රැස්‌ විය හැකි එකම ස්‌ථානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොහොට්‌ටුව පමණයි. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලනවා ඒ බලවත් සන්ධානය වටා ඒකරාශී වෙන ලෙසට. රට දීලා මෙහෙම නම් ගම දුන්නාම කොහොමට තියෙයිද?

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment