එවන් සමාජ වටපිටාවක ස්වකීය හෘර්ද සාක්ෂියට එකඟව නිර්මල සත්‍ය වෙනුවෙන් පෙනීසිටි උන්වහන්සේ අපමණ ගැරහුම්,බාදක, තාඩන පීඩන අවසන සිය උත්තරීතර ජීවිත පූජාව තුලින් සංකේතවත් කරනුයේ නිවැරදි දෙය වෙනුවෙන් කැපවීම අගයයි. එබැවින්, ජේසු සමිදාණන් මෙලොව පහලවීම යනු හර්ද සාක්ෂියට එකඟව නිවැරදි දේ වෙනුවෙන් කැපවන මිනිසුන් දේවත්වයට ඔසවා තබන අවස්ථාවක් බවට සැක නැත .
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ ජනිත කලේ සාමය හා ප්‍රේමය සමානාත්මකතාවය හා මනුස්සත්වය පදනම් කර ගත් ශුද්ධ වූ විප්ලවයකි. ශ්‍රී ලාංකික අපට නත්තල යනු එක් ජාතියකට ආගමකට සීමා නොවූ සෑම සංස්කෘතියකම එකසේ සහෝදරත්වයෙන් සමරණ අසිරිමත් උළෙලකි. එලෙස සාමයෙන් සහෝදරත්වයෙන් එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් යුතුව නත්තල සැමරීම ජේසු සමිඳානන්ට කරන සැබෑ වන්දනාවක් වනු ඇත.
ශ්‍රි ලාංකීය කිතුණු බැතිමතුන් ප්‍රධානව සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත්, සකල ලෝක වාසී ජනතාවටත්, මිනිසත්කමේ උතුම් ගුණාංගයන් මූර්තිමත් වන ප්‍රීතිමත් නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි. කරු ජයසුරිය
කථානායක
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව
0 comments :
Post a Comment