'එජාපයට යන්නේ නෑ' - කෙහෙළිය.


මැතිවරණයක් ආසන්න වන විට තමන් එක්සත් ජාතික පක්ෂයට එක් වන්නට යන බව කියා අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පැවැසුයේ තමන් එක්සත් ජාතික පක්ෂයට යන බවට අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බැවින් එයට ප්‍රතිචාර දැක්වීම සදහා අද (24දා) මහනුවරදී පැවැත්වු මාධ්‍ය සාකච්චාවකදීය.

“එළාර අවුරුදු 44 ක් රට පාලනය කළා. ඉන් පසු දුටුගැමුණු රජු එලාර පරද්දවල රට එක් සේසත් කළා. එලෙසම එල්. ටී. ටී.ඊය අවුරුදු 33 ක් ඊළම වෙනුවෙන් සටන් කළා. ඒක පැරැද්දුවෙ මහින්ද රාජපක්ෂ ජනපතිතුමයි. මහින්ද රාජපක්ෂ දුටුගැමුණු පරම්පරාවෙ කෛනෙක් ලෙස රන් අකුරෙන් ඉතිහාස ගත වුණා. දැන් මේ ආණ්ඩුව හදන්නෙ ඒ රන් අකුරෙන් ඉතිහාස ගතවුණු සිද්ධිය ඉතිහාසයෙනුත් මකා දමන්න.

මෙවන් අසත්‍ය ප්‍රචාර කරන්නෙ අපිට ලැබෙන ඡන්ද වළක්වන්න. නමුත් කිසිදු විටක එක්සත් ජාතික පක්ෂයට එක්වෙන්නේ නෑ. රජය ගෙන යන අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරනවා. ”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment