Info Sri Lanka පුවත ගැන මනෝ කට අරියි : 'පාතාලයෙන් තර්ජනලූ'

මැතිවරණ සමයේ පාතාල සාමාජිකයින් පිරිසක් තමාට හානි කිරීමේ සූදානමක පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් පසු තමන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, ඇතැම් දේශපාලන පක්ෂ කොළඹ මහනගර සභාවට පාතාල කල්ලි නායකයින්ගේ ඥාතීන් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසී ය.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මනෝ ගනේෂන් ඇමැතිවරයා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, එක්සත් ජාතික පෙරමුණෙන් වෙන්ව කොළඹ මහනගර සභාවට එකමුතු ප්‍රගතිශීලී සන්ධානය ලෙසින් තරග කරයි.

සම්බන්ධිත පුවත්,


මෛත්‍රී - රනිල්, මනෝ - දිගා වෙනුවෙන් STF හටනක.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment