සුසිල්ගේ ප්‍රකාශය ගැන එජාපය අර්බුධයට : විමල්ගෙන් කනේ පාරකුත්.


ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් වෙන්වෙන්ව තරග කළද ඡන්දයෙන් පසු පක්‍ෂ දෙක එකතුවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට පෙරේදා (27) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කළ ප්‍රකාශය ගැන එජාප නායකත්වයේ විශේෂ අවධානය යොමුව ඇත.

මේවනවිට නුවරඑළියේ සංචාරයක දී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යලි කොළඹට පැමිණි වහාම එම ප්‍රකාශය සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන බව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

විමල්ගෙන් කනේ පාරක් 

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසට බහුතර බලයක් නොලැබෙතැයි සිතෙනා නිසා පොහොට්ටුව හා එක් වී බලය පිහිටුවීම ගැන ප්‍රකාශ නිකුත් කරන බවත් ඔවුන්ට මෙන් බලය පිහිටුවීම සම්බන්ධව පොහොට්ටුවට කිසිදු බියක් නැති බවත්ය.

බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව හා එක්වී බලය පිහිටුවනවා' යැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කළ ප්‍රකාශය සම්බන්ධ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මන්ත්‍රිවරයා එසේ පැවැසුවේ ඊයේ (28දා) ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමේදී එකතු වන්නේ කා සමඟද එකතු නොවන්නේ කා සමඟද යන්න කල්පනා කිරීමට ඒකාබද්ධ පොදුජන පෙරමුණට අවශ්‍ය නැති බවත් හෙතෙම එහිදී පැවැසීය.

බහුතර පළාත් පාලන ආයතනවල බලය ඒකාබද්ධ පොදුජන පෙරමුණට හිමි වන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසට බහුතර බලයක් තියා කිසිදු ආයතන බලයක් නොලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක එක කාලෙට කියන කතා :

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත එක එක කාලෙට එක එක කතා කියනා බවත් මේ කාලේ කියනා එක් කතාවක් ලෙස පොහොට්ටුව හා එක්වී බලය පිහිටුවීමේ ප්‍රකාශය හැඳින්විය හැකි බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ඕනෑම නම් ඡන්දෙන් පසුව ඒ ගැන කල්පනා කර බලමු යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment