ළමා රෝගීන් වෙනුවෙන් නව රෝහල් සංකීර්ණ 04 ක්

ළමා රෝගීන් වෙනුවෙන් නව රෝහල් සංකීර්ණ 04 ක්
සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ කරාපිටිය රෝහලේ ඉදිකරන වකුගඩු ප්‍රතිකාර ඒකකය ද ලබන අප්‍රේල් මාසයේදී විවෘත කරන බවයි. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1200 කි. මීට අමතරව දන්ත වෛද්‍ය ඒකකය සඳහා රුපියල් මිලියන 40 ක්, හෘද රෝග ඒකකය සඳහා මිලියන 20 ක්, පිළිකා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා මිලියන 500 ක් ගල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මිලියන 1500 ක් වැය කරන බවයි.
 
මේ වනවිට දකුණු පළාතේ ප්‍රධානතම ශික්ෂණ රෝහල ලෙස කරාපිටිය රෝහල සංවර්ධනය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ තිබුනේ ළමා රෝහල් 01 කි. නමුත් කරාපිටිය, කලුතර, රාගම සහ යාපනය යන රෝහල්වලට ඒකාබද්ධව ළමා රෝහල් 04 ක් ඉදිකරනවා. හදිසි ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන 24 ක් ඉදිකරන අතර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 148 ක් ස්ථාපිත කරනවා.'
 
'වත්මන් රජය සෞඛ්‍යට සහ අධ්‍යාපනයට වැඩි වශයෙන් මුදල් ලබාදෙනවා. මාතෘ හා ළමා මරණ අවම දකුණූ ආසියානු කළාපයේ එකම රට ශ්‍රී ලංකාවයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන තිබෙනවා. ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙල සියයට සියයක් සාර්ථකව සිදු කරනවා. යුද්ධය පැවැති කාලයේ පවා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙල සාර්ථකව සිදු වුනා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩිදියුණූ කරමින් සුවනාරි සහ සුවදිවි මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග පරීක්ෂණ සේවාවන් ආරම්භ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය එම මධ්‍යස්ථාන නිරික්ෂණය කර ප්‍රකාශ කළේ එය ලොවටම ආදර්ශයක් බවයි. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙල ද ක්‍රියාත්මකයි. එම වැඩපිළිවෙල තුලින් රෝගීන් 06 දෙනෙකුට එක් අයෙකු ලෙස මියයන සංඛ්‍යාව අවම වී ඇතැයි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා.'
 
'දිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සහ අක්ෂි කාච සැත්කම් සදහා ලක්ෂ 12 ක සංඛ්‍යාවක් සිටින බව වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබෙනවා. මේ වන විට රජය විසින් නොමිලේ අක්ෂි කාච 80,000 ක් රෝහල්වලට ලබාදී සැත්කම් සිදු කර තිබෙනවා. 2018 වසරේ නොමිලේ අක්ෂි කාච ලබාදීම ලක්ෂ එකහමාර දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන් පසු පොරොත්තු ලේඛණය අවසන් කිරීම සදහා පස්වරු 4.00 න් පසු ශල්‍ය කර්ම සිදු කිරීමට පියවර ගන්නවා. රජය සෞඛ්‍ය සදහා දරන වියදම ඉතාම අධිකයි. අයවැයෙන් රුපියල් බිලියන 235 ක් සෞඛ්‍ය සේවාවට වෙන් කර තිබෙනවා. ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තවත් බිලියන 100 පමණ සෞඛ්‍ය සේවාවන් දිවයින පුරා සිදු කරනවා.'
 
rajitha 1
rajitha 2
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment