රාජපක්ෂ සමයේ බරපතල වංචා සිද්ධි 17ක ගොනු අද ජනපතිට.


මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම අද (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.

බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් දීර්ඝ සාක්කි විභාග කිරීම් වලින් අනතුරුව සකස් කොට ඇති මෙම බරපතල වංචා සහ දුෂණ පරීක්‍ෂණ වාර්තා 17ට අමතරව මෙවැනි බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන්ද කොමිසම ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.

බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම ස`දහා ගතයුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන් සහ යෝජනා අඩංගු වාර්තාව පිටු 1200කින් යුත් බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය පාලන සමය වු 2010 ජනවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් මෙන්ම රාජ්‍ය බලය අවභාවිතා කිරීම මඟින් රාජ්‍ය ආයතන වලට සිදුකළ පාඩු ආදීය සෙවීම සඳහා 2015 මාර්තු මස 15 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment