නිමිත්තක් (කසිනයක්) ගෙන මනස තුළට වැදීම සමථ භාවනාවේ ආරම්භයේදීම සිදු වේ. ඉන්පසු ඒ නිමිත්ත මනස තුළ වර්ධනය වී, පිටින් දුටු නිමිත්තට වඩා පැහැදිලි දෙයක් මනස තුළ නිර්මාණය වේ (සිතාගනියි). එවිට විවිධ අවස්ථා තුළින් (විතක්ඛ, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා) එම නිමිත්ත මනසෙහි එල්ලීමක් සිදු වේ. මෙය මනස එකඟ කිරීම යනුවෙන් සමාජයේ කවුරුත් දන්නා දෙයකි. මනසෙහි දහසක් සිතිවිලි අඩුකොට එක් සිතිවිල්ලක එල්ලීම සැනසීමට කරුණක් වූවත්, එහි සිතිවිල්ලක් ඇත. සමථ භාවනා ක්‍රමයෙන් අන්තිම සිතිවිල්ලෙන් මිදිය නොහැක. එයින් මිදුණොත් භාවනාව අවසන් වේ. එහිදී ද විඤ්ඤානය ක්‍රියාත්මක වන නිසා නිවනක් නැත.
භාවනාවෙන් පසු දින කිහිපයක් මනස සන්සුන් වුණු බවක් පෙනෙන්නට ඇතත් මනස දන්නේ සිතිවිලි ඇති කිරීමට පමණි. වැඩිකල් නොගොස් මනස නැවතත් දුවන්නට පටන් ගනියි. එවිට නැවත භාවනා කළ යුතුය. මෙහි ඉවරයක් නැත. පූජ්‍ය පක්ෂය ද මෙයට කැමති ය. නිවන කෙසේ වෙතත් මෙය නිතර නිතර පන්සලට මිනිසුන් ඇද ගන්නා උපක්‍රමයක් වී ඇත. පන්සල්වල නම ද වෙනස්කොට දැන් ඒවා භාවනා අසපු වී ඇත.
ආනාපාන සති භාවනාව සමථ භාවනාවේ එක් ක්රමයකි. එහි පිටස්තර අරමුණක් වෙනුවට හුස්ම ඉහළ පහළ යාම, නාසය ළඟ දැනීම අරමුණක් වශයෙන් ගැනේ. එය ද පිටස්තර අරමුණක් බව බොහෝ දෙනා නොදන්නා දෙයකි. නමුත් යම් අවස්ථාවක හුස්ම ඉහළ පහළ යාම තුනී වී නාසය ළඟ දැනීම ක්‍රමයෙන් අඩු වී ගොස්, එය නොදැනෙන තත්වයට පත් වේ. එවිට මනසෙහි එකඟතාවයක් ඇති වී මනස ආලෝකමත් වේ. එවිට භාවනා කරන්නාට යම්කිසි ආලෝකමත් වූ තැනකට වැටුණු බව මනසෙන් දැනේ. මේ අවස්ථාවේදී ද අවදි වී සිටින්නේ විඥානයෙන්ම ය. එවැනි අවදියක් ඇති බව භාවනා කරන්නාට දැනෙන්නේ ද මනස තුළ ඇති වන සිතිවිල්ලකින්ම ය. ඒ නිසා ආනාපාන සති භාවනාව කරන විට සිතිවිල්ලක් නැති බව මායාවකින් මනසේම ඇතිවන චින්තනයකින් හැඟුණත්, ක්‍රියාත්මක වන්නේ විඤ්ඤානයෙන් අවදි වූ මනසම ය. එහි නිවනක් නැත. එය ද නිවනට බාධාවකි.
මේ ආකාරයෙන් නිවන් සොයා යන්නන් සිය වටිනා කාලය භාවනා කරමින් අපතේ හැරීම අවාසනාවකි. පූජ්‍ය පක්ෂය මෙයින් නිවන් නොදකින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර කරත්, මහජනතාව සමථ භාවනාවට යොමු කරමින් ඔවුන් දැන දැනම නොමග හැරීම ඉදිරියට මහජනතාවගේ අසතුට ට කරුණක් වනු නොඅනුමාන ය.
සමථ භාවනාවෙන් මනස තුළ ඇති වන විඤ්ඤානයෙන් අවදි වී “මම” යන්න තර වීම නිසාත්, ඥානයෙන් අවදි නොවන නිසාත් එය නිවනට බාධාවක් වන බව දැන් ඔබට පැහැදිලි විය යුතුය. නිවන් දැකීමට විඤ්ඤානයෙන් නොව ඥානවලින් අවදි විය යුතුය.
මීළඟ ලිපියෙන් අපි ‘විපස්සනා භාවනාවෙන් නිවන් නොදකින්නේ ඇයි?” දැයි සාකච්ඡා කරමු.
- ගාමිනී අභය
පසු සම්බන්ධයි.
පෙර ලිපි
බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.
බුද්ධ දර්ශනය 2- මාර්ගඵලලාභීන් බිහි නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?
බුද්ධ දර්ශනය 3- බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?
බුද්ධ දර්ශනය 4- බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?
බුද්ධ දර්ශනය 5- බුද්ධාගමේ පදනම වන දාන, සීල, භාවනාවලින් නිවන් දැකිය නොහැක.
බුද්ධ දර්ශනය 6- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?
බුද්ධ දර්ශනය 7- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 2 වන කොටස
බුද්ධ දර්ශනය 8- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 3 වන කොටස
බුද්ධ දර්ශනය 9- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 4 වන කොටස
0 comments :
Post a Comment