මහඇමති ධූරයේ රැඳෙමින් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීම දණගැස්සවීමේ සිද්ධිය යටපත් කිරීමේ නාඩගමක් - ලංකා ගුරු සංගමය

මහඇමති ධූරයේ රැඳෙමින් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීම දණගැස්සවීමේ සිද්ධිය යටපත් කිරීමේ නාඩගමක් - ලංකා ගුරු සංගමය
මෙය මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා මහ ඇමතිවරයා විසින් සිදුකරන නාඩගමකි. තමා මහ ඇමති ධූරය දරමින් තමා සම්බන්ධ සාපරාධී ක්‍රියාවක පරීක්ෂණ සඳහා සහයෝගය දෙන බව පැවසීම මෙරට ගුරුවරු සහ විදුහල්පතිවරු නූගතුන් යයි සිතා සිදු කරන විහිළුසහගත ප‍්‍රකාශයකි. කළ යුත්තේ මහඇමතිවරයාගේ මෙවැනි නාඩගම්වලට තවදුරටත් ඉඩදීම නොව ඔහු ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යධූරයෙන් වහා ඉවත් කර පරීක්ෂණ සිදු කිරීම බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී. 2018.01.03 වෙනිදා සිදුවූ සිදුවීම සම්බන්ධ මහඇමතිවරයා වහා අත්අඩංගුවට ගත යුතු වුවත් මේ දක්වා පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන නැත.
 
පසුගිය රජය සමයේ නවගත්තේගම නවෝද්‍යා විදුහලේ ගුරුවරිය දණගැස්සූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා සේ චාමර සම්පත් දසනායක මහ ඇමතිවරයාවද මෙම සාපරාධී සිද්ධිය සම්බන්ධයෙන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. 
 
එසේම මෙම සිද්ධියට අදාළව විදුහල්පතිනියව 2018.01.03 දින මහ ඇමතිවරයාගේ නිල නිවසට යැවූ සහ සිද්ධිය යටපත් කිරීමට ඇය ලවා බලහත්කාරයෙන් 2018.01.09 දින මාධ්‍ය ප‍්‍රකාශ ලබාගත් ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය වන සන්ධ්‍යා අඹන්වල මහත්මිය, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.බී. රත්නායක හා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ යන නිලධාරීන්ගේ වැඩ තහනම් කර වහාම විනය පියවර ගත යුතුය. ඔවුන් විසින් 2018.01.19 දින ද එම පාසලට ගොස් විදුහල්පතිනියට බලපැම් කර ඇත. 
 
මහඇමතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සහ වයඹ පළාත් අධ්‍යාපන ලේකම්වරිය, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් වහාම විනය පියවර නොගන්නේ නම් ලංකා ගුරු සංගම ඇතුළු සියලූ ගුරු-විදුහල්පති සංගම් ඒකාබද්ධව 2018.01.23 දින දහවල් 1.30 ට කොළඹ ආමර්වීදීය හන්දියේ ගුරු-විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇත. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment