ජීවිත අවදානම් සංඥා වහා ක්‍රියාත්මක විය. මෙය දුටු ජීවිත ආරක්ෂක නිලධාරි ජයි ෂෙරීඩන් වහා ක්‍රියාත්මක විය. ඩ්‍රෝන යන්ත්‍රය හැසිරවීමේ පුහුණුව අවසන් නැති වුවත් තරුණ ජීවිත දෙක බේරා ගැනීමට ඩ්‍රෝන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඔහු ප්‍රායෝගික වූයේය.
පාවෙන කොල්ලුව සහිත ඩ්‍රෝන යානය වහා ගිලෙමින් සිටින තරුණයින් දෙදෙනා වෙත යැවීමට ඔහු යුහුසුළු වූයේය. තරුණයින් පාවෙන කොල්ලුවේ එල්ලී වෙරළ කරා ආවේ තාක්ෂණ උපකරණයට හා ජයි ෂෙරීන් ගේ දෑත්වලට පිං සිදුවන්ටය.
තරුණයින් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ඩ්‍රෝන කැමරා තුළ සටහන්ව තිබීම නිසා ලොව සියලු ජනතාවට එහි සජීවී භයංකර අත්දැකීම විඳ ගැනීමට හැකිවූයේය.
'ඩ්‍රෝනයකට සම්බන්ධ කළ පාවෙන කට්ටලයකින් පිහිණුම්කරුවන්ගේ ජීවිත බේරා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය ඓතිහාසිකයි' නව දකුණු වේල්සයේ අගමැති ජෝන් බැරිලාරෝ මහතා විසින් තරුණ ජීවිත බේරාගැනීමට හැකිවීමේ සතුට ප්‍රකාශ කලේ එසේයි.
0 comments :
Post a Comment