ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ඒජන්සි නිලධාරීන්ගේ මහා පරිමාණ ඩීල්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ඒජන්සි නිලධාරීන්ගේ මහා පරිමාණ ඩීල්

 

ශ්‍රී ලංකා ඉතිහාසය උඩුයටිකුරු කල මහබැංකු බැදුම්කර ගනුදෙනුවෙන් පසුව ඒ සා විශාල ආර්ථික අලාභයක් සිදු කිරීමට මේ දුෂිතයන් කටයුතු කරමින් සිටි. මෙම EZY Corporation ආයතනය තම හිතවත් ICTA නිලදාරීන් ලවා සමාගමට අයථා ලෙස ටෙන්ඩර ලබා ගනිමින් රජයට බිලියන ගණනින් පාඩු කරමින් සිටියි. පැහැදිලිවම මහබැංකු බැදුම්කර ගනුදෙනුවට නොදැවෙනි ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ වල තාක්ෂණික කමිටුවලට පත්කර ඇති ICTA ආයතනයේ නිලධාරීන් හරහා හා ICTA තාක්ෂණ ආයතනයට ඍජුවම තොරතුරු තාක්ෂණ මෙවලම් ලබාගැනීමේදී වශයෙන් කුමන කාණ්ඩයකට අයත් ටෙන්ඩරයක් වූවද ඉතා නිද්‍රාශීලි හා කිසිදු ප්‍රසම්පාදන නීතිරීති වලට අනුකූල නොවන ලෙස එළිපිටම විශාල පෞද්ගලික ආර්ථික වාසි තකා මෙම නිලධාරීන් කරනා මහා දුෂණ නිසා අප රටේ මහජන මුදල් දුෂිතයන් අතට පත්වීම වැලැක්විය නොහැකි කරුණක් වනු ඇත

මේ මහා පරිමාණ දුෂණ වලින් කිහිපයක් වනුයේ මෑතකදී ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය මෙම EZY Corporation ආයතනයට ටැබ් පරිගණක සපයනු ලබන VS INFORMATION යන සමාගමකට රුපියල් මිලියන 700 කට අධික මුදලකට පිරිනැමීමට මෙම ICTA ආයතයේ දුෂිත නිලදාරීන් සුදුසුකම් වාර්තා ව්‍යාජ ලෙස සකසා ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

තවද මෙම ICTA ආයතනය රජයේ පාසල් වලට ලබාදීමට නියමිත සුහුරු පන්තිකාමර 66 ක් සදහා වූ ටෙන්ඩරය මිලියන 250 කට අධික මුදලකටද දුෂිත ලෙස EZY Corporation ආයතනයට ලබා දීමට දැනටමත් මෙම දුෂිත ICTA නිලධාරීන් තීරණය කර හමාරය. එසේම රජයේ ආයතන 800 ක් ජාල ගතකිරීමේ ටෙන්ඩරය (LGN ) බිලියන 2 කට අදික මුදලකට EZY Corporation ආයතනයට දැනටමත් ලබා දී අවසන්ය. එමෙන්ම මෙම ජාලගත කිරීමේ දෙවන අදියර වූ තවත් ජාල 2000 ක් එක් කිරීමේ ටෙන්ඩරයද EZY Corporation ආයතනයට ලබා දීමට මෙම ICTA දුෂිතයන් දැනටමත් පිඹුරුපත් සකසමින් සිටියි. එසේ වූවහොත් බිලියන 7 කට අධික තවත් ප්‍රසම්පාදනයක් EZY Corporation ආයතනයට ලැබෙනු ඇත. මෙම EZY Corporation ආයතනය සිංගපුරු සම්භවයක් සහිත ආයතනයක් වන අතර ඔවුන්ගේ සියලු ලාභ අප රටින් පිටතට ගලායනු ඇත.

ඉහත සඳහන් කල සුවිශාල මගඩි සහ තවත් විශාල ටෙන්ඩර ප්රරමාණයක් ICTA ආයතනයේ දුෂිතයන් විසින් තමන්ගේ පුද්ගලික ඥාති සංග්‍රහයක් මෙන් EZY Corporation ආයතනයට ප්‍රදානය කරමින් පවතින විටක රජයේ මීට සම්බන්ධ විගණකාධිපති දෙපාර්තුමේන්තු ඇතුළු සියලුම වගකිවයුතු ආයතන නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම රටේ අවාසනාවකි.

ඉහත සදහන් කල ICTA දුශිතයන් කව්ද යනවග සාක්ෂි සහිතව පහත දක්වෙන ඡායාරූපවලින් මැනවින් ඔප්පුවේ. රජයේ හා මහජනතාවගේ මුදල් තමන්ට ලැබෙන කොමිස් හා පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකා නාස්ති කරන මෙම ICTA හොර නඩයේ සමහර දුෂිත නිලධාරීන් දැනට EZY Corporation ආයතනයට එක්වී රැකියාව කරමින් තමන්ගේ පෞද්ගලික අභිමතයන් ඉදිරියටම කරගෙන යමින් පවතී.

icta 2

 icta 3

EZY Corporation ආයතනයේ සේවකයන් සමග ප්‍රසිද්ධ සමාජශාලා වල කාබී විනෝද වන ICTA වගකිවයුතු නිලධාරීන් පෙන්වන ඉහත ඡායාරූප මේ බව මනාව පැහැදිලි කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment