අත්තෙන් අත්තට පනින බන්දුල කට නිසා ඇනගනී

අත්තෙන් අත්තට පනින බන්දුල කට නිසා ඇනගනී
දිගු කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මහතා ද සිය දේශපාලන ඉතිහාසය පුරා පක්ෂ මාරුකළ පුද්ගලයෙකු වන අතර ඔහු සිය දේශපාලන කටයුතු ආරම්භ කළ පක්ෂය කුමක්ද යන්න මේ වනවිට ඔහුටද අමතක වී තිබුණහොත් එය පුදුමයක් නොවේ.
 
විටින් විට විවිධ ප්‍රකාශ හේතුවෙන් මාධ්‍යවල සහ සමාජ අවධානය දිනාගන්නා බන්දුල ගුණවර්ධන වරක් ප්‍රකාශ කළේ රුපියල් 2,500 කින් පවුලකට මාසයක් ජීවත් වියහැකි බවයි.
 
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඔහු සහ ඔහු නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන අතර මේ වනවිට ඔවුන් රටපුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටී. පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ පැවති පොහොට්ටුවේ රැස්වීමකදී ඔහුට තමන් පය ගසාගෙන සිටින අත්ත අමතක වූ අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට විරෝධය දැක්වීම සඳහා ජනතාව මෙම මැතිවරණය භාවිතා කළයුතු බවයි. එසේ කියමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා බුලත් කොලය ඉදිරියේ කතිරය ගැසිය යුතු බවයි.
 
පසෙක සිටි පුද්ගලයන් මන්ත්‍රීවරයාට වැරදුණු බව දැනුම් දුන් අතර, ඉන්පසු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන් හිතාමතාම එසේ පැවසූ බවයි.
 
මීට සති කිහිපයකට පෙර බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩුවට සම්බන්ධවීමේ සූදානමකින් සිටි අතර එහෙත් ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම අත්හිටුවීම හේතුවෙන් ගුණවර්ධන මහතාට එම අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශවිලින් පෙනී යන්නේ ඔහු හදවතින් ආණ්ඩුව සමග හා ජනාධිපතිවරයා සමග සිටින බවයි.
 
දර්ශන අනුග්‍රහය News 01st

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment