අත්තනායක එම්. හේරත්ට පලදෙන්නෙ මොන කරුමයද?


ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව විසින් සෑම පොහොය දිනකම පවත්වනු ලබන අමාදහර දහම් සභාව, වැඩසටහනේ කථිකයකු වන මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා සහභාගි වූ පසුගිය වැඩසටහන් දෙකේදීම ඔහුගේ මෝටර් රථයේ හුළං බැසීම නිසා ප්‍රමාද වී තිබේ.

ඒ මහතා මේ බව අමාදහර දහම් සභාව වැඩසටහනට එක්වෙමින් අද (31) කියා සිටියේය.

පසුගියවර මේ වැඩසටහනට එක්වීමට පැමිණෙන්නට සූදානම් වෙද්දී ඔහුගේ මෝටර් රථයේ රෝද හතරෙම හුළං බැස තිබූ බවත්, අද වැඩසටහනට සහභාගිවීමට ඔහු පැමිණෙද්දී ඔහුගේ මෝටර් රථයේ රෝද දෙකක හුළං බැස තිබූ බව ද ඔහු කීය.

මේ අතර, ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දිනක අළුදෙනියට ආසන්න ස්ථානයකදී තමා අනතුරකට ලක්වූ බවත් එහිදී මෝටර් රථය පෙරලී සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුද, තමාට ලේ බිඳුවක හෝ සෙලවෙන තුවාලයක් නොවුණ බවයි.

එය තමා කළ පිංවල බලපෑමක් යැයි සිතන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment