බෙනට් රත්නායකගේ 'නෙලා' රස පෙබරවාරියේ දී නෙලා ගන්න [Photos/Song]


ස්පාඤ්ඤ ජාතික ශ්‍රේෂ්ඨ  නවකතාකරුවකු වන බෙනිටෝ පෙරොස් ගල්දොස් විසින් 20 වන සියවස මුල් භාගයේදී රචනා කරන ලද 'මරිය නෙලා' නවකතාව, ඉන්ද්‍රානි රත්නසේකර විසින් සිංහල බසට පරිවර්තනය කරන ලද ‘‘නෙලා’’ නවකතාව ඇසුරෙන් බෙනට් රත්නායක විසින් ‘‘නෙලා’’ චිත‍්‍රපටයේ තිර රචනය ප‍්‍රතිනිර්මාණය කර ඇත. 

බෙනට් රත්නායකයන්ගේ නෙලා සිනමා නිර්මාණය 20 වන සියවසේ මුල්භාගයේදී ලංකාවේ තේ වතු වගාව ආරම්භ කළ ලාංකික සිංහල පවුලක් වටා ගෙතී ඇත.

එකී තේවතු වගාවේ නියුතු ව්‍යාපාරික සොයිසා පවුලේ එකම කඩවසම් පුතු ජෝජ් උත්පත්තියෙන්ම අන්ධ තරුණයෙකු වන  අතරල ඔහුගේ තනි නොතනියට සැම විටම ඔහු ලඟින් සිටිනා එකම මිතුරිය වන්නේ එම තේ වත්තේම ද්‍රවිඩ පවුලක් සමඟ ජීවත්වන අනාථ තරුණියක් වන නෙලාය.

ජෝජ්ගේ අබාධිත තත්වය නිසාත්ල ඔහු වෙත නෙලා ගෙන් ලැබුණු කාරුණික ආදරය සහ  සෙනෙහස නිසා ඔවුන් දෙදෙනා අතර  ගොඩ නැගෙන නිර්ව්‍යාජල නිර්මල ආදර කතාවත්, හදිසියේම  එකී තේ වතු යායට  පැමිණෙන ආගන්තුක අමුත්තෙකු නිසා ඔවුන් දෙදෙනාගේ ජීවිත පැවැත්ම සහ ආදරයට මුහුණ දීමට සිදුවෙන අභියෝගයන් ඉතාමත්ම  සංවේදී ලෙස  බෙනට් රත්නායක ඔහුගේ නවතම සිනමා කෘතියෙන් ඔබ වෙත ගෙන එයි.

මෙරට මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද සම්මානයට පාත‍්‍ර වූ අස්වැසුම, සුළඟ සහ ඉරහඳ යට චිත‍්‍රපට නිර්මාණය කරන ලද බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය , පෙබරවාරි මාසයේදී CEL මණ්ඩලයේ ප‍්‍රදර්ශනයට නියමිතය.



තිර රචනය සහ අධ්‍යක්‍ෂණය - බෙනට් රත්නායක
නිශ්පාදනය - සමන්මලී හේවාමාන්න
සම නිෂ්පාදනය - එච්. ඩි. පේ‍්‍රමසිරි, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප‍්‍රනාන්දු, අතුල මහවලගේ
කැමරාකරණය - රුවන් කොස්තා
සංගීතය - සුරේෂ් මාලියද්ද
ගායනා - කසුන් කල්හාර, ශ‍්‍රියා කාරියවසම්
ගී පද රචනා - නිලාර් එන් කාසිම්
නිශ්පාදන කළමණාකරණය - දමින්ද මඩවල
සහාය අධ්‍යක්‍ෂණය - චාමර සේලාර
සංස්කරණය - අජිත් රාමනායක
ශබ්ද පරිපාලනය - අරුණ ප‍්‍රියන්ත කලූආරච්චි, ඇඩම්ස් ස්ටයිනර්
වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ
කලා අධ්‍යක්‍ෂණය - ලාල් හරින්ද්‍රනාත්
වේෂ නිරූපණය - ප‍්‍රියන්ත දිසානායක
ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ



නෙලා රංගන ශිල්පීන්

ශලිනි තාරකා,
උදාර රත්නායක,
තාරුකා වන්නිආරච්චි,
තුමිඳු දොඩන්තැන්න,
උදාරි රත්නායක,
රොෂාන් පිලපිටිය,
සේමිණි ඉද්දමල්ගොඩ,
පාලිත පෙරේරා,
පුෂ්පරානි සත්‍යා,
අනුර ධර්මසිරිවර්ධන,
ටි‍්‍රනී වාස්,
තිමොති ඔ’රියලි,
එස් විජේසුන්දරම්,
එස්. ප‍්‍රතිශ්කාර්,
අජිත් දාබරේ,
ටෙ‍්‍රවන් බෙරෙන්ජර්








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment