රවී කරුණානායක අත්අඩංගුවට.


ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ 'බැඳුම්කර ජනාධිපති කොමිසමේ' වාර්තාව පදනම් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිත බව එම වෙබ් අඩවිය පවසයි.

පූර්ණ අධිකරණ බලතල සහ බලය ඇති ජනාධිපති කොමිසමක් හමුවේ බොරු සාක්ෂි ලබාදීම බරපතළ වරදක් වන අතර එය දෙවැනි වන්නේ මරණයක් සිදුකිරීමට පමණක් බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

එසේම එය අවමය මාස 03 ක් වත් ඉක්මවන තුරු ඇප ලබා නොදිය හැකි තරමේ වරදවල් ගණයට වැටෙන බවද එහි සඳහන්වේ.

එසේම මෙම අත් අඩංගුවට ගැනීමට පෙර හෝ පසු ඊට ප්‍රචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සහ ප්‍රබල ඇමතිවරයෙකු පරණ නඩු හුටපට කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කොට තිබෙන බවටද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඇත්ත - නැත්ත ප්‍රහේලිකාවක් ?

එම වෙබ් අඩවියේ එසේ සඳහන් වුවද, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ අතර සඳහන්ව ඇත්තේ මෙවැන්නකි.

මේ අනුව, කොමිෂන් වාර්තාවේ එම කොටස සම්බන්ධව වන පරිවර්තනය විය යුත්තේ මෙසේය.



'' 24] 24 වැනි පරිච්ඡේදය තුළ පූ්ර්වයෙහි පෙන්වා ඇති පරිදි අප කොමිසම නිර්දේශ කරනවා. ගරු රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී වෝල්ට් හ රෝව් ඇසෝශියේට්ස් ( එය පර්පෙටුවල් ට්‍රෙෂරීස් ආයතනයට අයත් සහකාර සමාගමකි. එහි අයිතිය හ පාලනයද පර්පෙටුවල් ට්‍රෙෂරීස්හි පුද්ගලයින් විසින්ම කරන ලදී.) මගින් ගරු රවී කරුණානායක සහ ඔහුගේ පවුලේ අය රැදී සිටි නිවසේ කල්බද්ද පිළිබදව කරන ලද බදු ගෙවීම් මගින් ඔහු සැලකිය යුතු වාසියක් සදහා අත්පත් ගත්තේ ද යන්න සොයා බැලීම හා එසේ ලබා ඇත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවී කරුණානායකට එරෙහිව අල්ලස් පනත යටතේ සුදුසු ක්‍රියා මාර්ග ගත යුතුද යන්න අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සලකා බැලිය යුතු බව

25] 24 වන පරිච්ඡේදයේ පූර්වයෙහි සදහන් කර ඇති පරිදි, අප ඉදිරිපිටදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ලබා දුන් සමහර සාක්ෂි අසත්‍යයද යන්න සලකා බැලිය යුතු බව හා එය එසේ වන්නේ නම් ගරු නීතිපතිතුමා සහ අනෙකුත් සුදුසු බලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 179 වැනි වගන්තිය සහ හෝ 188 වැනි වගන්තිය යටතේ හෝ නීතියේ සෙසු අදාළ විධිවිධාන සමග අංක 17, 1948 කොමිෂන් සභා විමර්ශන පනතෙහි 09 වන කොටසට අනුව ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බව අප තවදුරටත් නිර්දේශ කරනවා.''

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment