දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ ජය ගනිති

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ ජය ගනිති

 

පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රීලංකාව, ඔස්ට්‍රේලියාව, ඉංදියාව හා නේපාලය 5 වන දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ අතර පාකිස්ථානයේදී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරඟ පැවැත්වුනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි MCC පිටියේදී පැවැති ශ්‍රීලංකාව හා අවසන් පූර්ව තරඟයේදී පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 40කදී කඩුළු 08කට ලකුණු 489ක් ලබාගත් අතර ශ්‍රීලංකා පිළට පන්දුවාර 40කදී රැස්කරගත හැකිවූයේ ලකුණු 337ක් පමනි.

ජනවාරි 08 වැනිදා ආරම්භ වූ තරඟාවලියේ මූලික වටයේ තරඟ වලදී ශ්‍රීලංකා පිළ ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 303ක ජයක්ද, පාකිස්ථානය පරදා ලකුණු 340ක ජයක්ද, බංග්ලාදේශය පරදා කඩුළු 05ක ජයක්ද වාර්තා කළ අතර ඉන්දියාවට කඩුළු 06කින්ද, පාකිස්ථානයට ලකුණු 159කින්ද පරාජය වුනි.

AshWaru Colombo

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment